| |

කාලය වටිනා සම්පතකි

සුබ උදෑසනක් වේවා!
ගෞරවනීය විදුහල්පති තුමා,මාගේ ගුරුභවතුන් සියලුදෙනා සහ මගේ ආදරණීය මිතුරු මිතුරියනි,

කාලය වටිනා සම්පතකි
කාලය වටිනා සම්පතකි

කෙනෙකුගේ ජීවිතයේ ඉතාම වටිනා දේ කුමක් ද යන ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත්, ඔබ ඒ සඳහා විවිධාකාර පිළිතුරු ලබා දෙනු ඇති. නමුත්, එයට ඇත්තේ එකම පිළිතුරක් බව ඔබ දන්නවාද ?

එසේ නම් ඒ වටිනාම දේ කුමක් ද?

කාලය! එසේ නම්, කාලයෙහි වටිනාකම පිළිබඳ කතාවක් කිරීමට දෙන්න මටත් මදකට අවසර.

කාලය කිසිවෙකුට නතර කළ නොහැකි දෙයකි. එය නිරන්තරයෙන් ගෙවී යයි. අපේ ජීවිතයේ කාලය යන්න අහිමි වන තුරු එය කොතරම් වටිනවාද යන්න බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත. කාලය අප ජීවිතයේ සතුට ලබා දෙන අතරම් නිසි ලෙස භාවිතා නොකළහොත් එය ශෝකයද අත්කර දෙන බව මෙහිදී ඔබට මතක් කරමි.

දැන් අපි අපේ එදිනෙදා ජීවිතය දෙස බලමු. ඔව්, අපෙන් බොහෝ දෙනෙක් අද ලෝකයේ අත් ඔරලෝසුවලට ද එහා ගිය ස්මාර්ට් අත් පළදනා භාවිතා කරන්නෙමු. එසේ කරන්නේ ඇයි? ඒ අපි සියලුදෙනාගේම කාර්ය බහුල ජීවිතය පහසු කර ගැනීමටයි.

ඔබත් මාත් ගතකරමින් සිටින මේ මොහොත කිසි දිනෙක ආපසු එන්නේ නැත. එබැවින්, අපගේ වටිනා කාලය ආයෝජනය කරන්නේ කොහේද සහ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳව අප දැනුවත් විය යුතුය. අපේ දෙමාපියන්, වැඩිහිටියන් හා ගුරුවරු පවසන පරිදි නියමිත වේලාවට වැඩ කරමු. අද ට කරන්නට ඇති දේ හෙටට කල් නොදා අදම කරමු. එවිට අපට නොවරදවා අපේ ජීවිතය ජයගත හැකිය.

අවසාන වශයෙන් ඔබට කීමට ඇත්තේ, “කාලය රන් හා සමානයි” යනුවෙන් කීවත් කාලය මිල කළ නොහැකි දෙයක් බවයි. මක්නිසාද ‍යත් කිසිවෙකුට එය මිලදී ගත නොහැකි දෙයක් නිසාය.කාලයට තත්පර කිහිපයකින් අපව රජෙකු හෝ හිඟන්නෙකු බවට පත් කළ හැකි ය. ඒ නිසා අද සිටම අපි සියලුදෙනා අපගේ වටිනා කාලය නිසිලෙස කලමණාකාරණය කිර්‍රමට අදිෂ්ඨාන කර ගනිමු.

අසා සිටි ඔබ සැමට සිතූතියි!

ඉෆාසා(z) ඉල්ලියාස්

Similar Posts

  • | |

    My Self

    My name is Hamdi. I am a boy.I am 12 years old and I like to smile always .I live in Jeddah.Its a beautiful city in Saudi Arabia. My family consists of my father, my mother and myself. My father is Zanfer and he is an engineer who knows how to love his profession with…

  • |

    GCE O/L Exam Note Example

    GCE o/l exam – note-2018 2018-Note Question 04/08/2022 David, I came to your place yesterday,but you weren’t there at your home.I wanted to talk with you regarding joining an English camp after the examination.Please call me back so that we could talk about it. Anne

  • |

    Say no to polythene today for a greener tomorrow continue….

    Many nations are beginning to take action to safeguard the environment from further harm caused by polythene waste as a result. We could also take action to reduce the harm done to the environment by reducing the use of polythene-based products like shopping bags and wraps, reusing shopping bags for other uses, recycling old polythene…

  • | |

    ජලය අපට සම්පතක්

    සුබ උදෑසනක් වේවා !ගෞරවනීය විදුහල්පති තුමා , ගුරුවරුන් සහ මගේ ආදරණීය මිතුරු මිතුරියන් සියලුම දෙනාගෙන් අවසරයි.අද මා ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට යන්නේ‘ජලය අපට සම්පතක්’ යන මාතෘකාව පිළිබඳ වචන ස්වල්පයක්. ජලය යනු සොබාදහම විසින් මිනිසාට ලබා දුන් අගනා ත්‍යාගයන්ගෙන් එකකි. සියලුම ජීවීන්ට ජලය අවශ්‍ය වන අතර එය අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක් වේ. ලෝක ගෝලය ජලයෙන් වට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *